ගොසිප්

කොරෝනා පැණිය ගැන කිසිඳු විශ්වාසයක් නැතැයි රාජ්‍ය ඇමතිනී කියයි

(UTV | කෑගල්ල) – කෑගල්ලේ ධම්මික මහතාගේ පැණිය සම්බන්ධයෙන් තමන් කතා කරන්නවත් කැමති නැතැයි ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොරෝනා පාලනය පිළිබඳ රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

කොරෝනා පාලනය යොදා ගන්නා ඖෂධ හෝ එන්නත් නිසි පරිදි සායනික පරීක්ෂාවකින් තහවුරු විය යුතු බවද පවසන ඇය එසේ නොවුණහොත් අහිතකර ප්‍රතිඵල අත්විය හැකි බව ද සඳහන් කරයි.

‘අපි අනුමැතිය දුන්නේ නෑ. ඔය පැණිය ගැන කතා කිරීම දැන් කල් ඉකුත් වෙලා තියෙන්නේ’යයි ද ඇය සඳහන් කළාය.

කාලි මෑණියන්ට ලෙඩ සුව කිරීමට හැකි යැයි පැවසීම සංස්කෘතික විශ්වාසයක් බවත් ඒවා සමග ගැටෙන්නට තමන් කැමති නැති වුව ද වෛද්‍ය විද්‍යාවට අනුව විද්‍යානුකූල පදනම මත පිහිටා තොරතුරු තමන් ලබා දෙන බවද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තවදුරටත් පැවසුවාය.

 

Related posts

ඉරාජ් අස්වෙයි

Mohamed Dilsad

රෝසි සේනානායක යළිත් එජාපයට

Mohamed Dilsad

‘රන්ජන්ට පූර්ණ සමාවක් ලබාදී නැහැ’ – සජිත් කියයි

Mohamed Dilsad

Leave a Comment