දේශීය

කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අද සිට තාවකාලිකව අත්හිටුවයි

(UTV |නුවරඑළිය) – ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අද සිට තාවකාලිකව අත්හිටුවිමට ලංකා කම්කරු කොංග්‍රසය තිරණය කර තිබේ.

ඒ ඔහු විසින් නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙනි.

නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් දේශපාලන රැස්විම් ගණනාවකට ඔහු එක්වී තිබු අතර ඔහුට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්විමට ද තිරණය කර තිබේ.

ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාව සෞඛ්‍ය අංශ විසින් PCR පරීක්ෂණයකට භාජනය කර ස්වයං නිරෝධානයට යොමුකර සිටිය දී ඒ පිළිබදව පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතාව දැනුවත් නොකර මැති ඇමතිවරුන් සහභාගි වු රැස්විම් තුනකට සහභාගි වී තිබුණි.

Related posts

ඉන්දියාවේ භූමිකම්පාවක්…

Editor O

දුම්රිය නවතින ලකුණු

Mohamed Dilsad

ආචාර්යය අශෝක රංවලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කතානායක ධූරයට ආණ්ඩුවෙන් යෝජනා කිරීමට නියමිත පුද්ගලයා මෙන්න

Editor O

Leave a Comment