දේශීය

රිජ්වේ ළමා රෝහලේ කොවිඩ් පැතිරීමේ අවධානමක්

(UTV |කොළඹ) – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන පුද්ගලයින්ගෙන් සිදුකරන අහඹු PCR පරීක්ෂණ තුළින් දෛනිකව ආසාදිතයින් 5 දෙනෙකු පමණ හඳුනාගැණෙන බව රෝහල් බලධාරීන් පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගෙන PCR පරීක්ෂණ සිදුකිරීම අඛණ්ඩව සිදුකරන බවය.

රිජ්වේ ආර්යා ළමා රෝහලට දෛනිකව ප්‍රතිකාර ලබා ගැනීමට එන පිරිස් අපි පරීක්ෂාවට ලක්කරයි.

ඒ අවස්ථාවේ දී දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 5 ක් හෝ 6ක් දරුවන් හෝ මව්වරු හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා කොවිඩ් 19 ආසාදනය තිබෙන බවට.

ඒ තුළින් අපට කියැවෙනවා ඔබට යම්කිසි අවදානමක් තියෙන්න පුළුවන් කොරෝනා රෝගය වැළඳිලා ඇත්ත නැද්ද කියන කාරණය පිළිබඳව.

මේ දෙවැනි රැල්ල තුළින් ආසාදනය වූ දරුවන් ඒ වගේම දරුවන් 70කට පමණ ආසන්න ප්‍රමාණයකට මේ වන විට අපි සොයා ගෙන තිබේ.

දවස් 20 සිට අවුරුදු 14 දක්වා වු දරුවන් මේ අතර සිටින අතර වැඩි ප්‍රමාණයක් ඉන්නේ ඉතා කුඩා දරුවන්ය.

දෙමාපියන්ගේ නොසැලකිල්ල නිසා දරුවන්ට මේ රෝගය වැළඳී ඇති බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි.

Related posts

අනුරාධපුර පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දෙහිවල අපරාධ අංශයේ ස්ථානාධිපතිට අල්ලස් දීමට තැත්කළ අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මෙවර මහ මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵල

Mohamed Dilsad

Leave a Comment