Trending Newsඑසැන පුවත්දේශීය

නායකත්වය පස්සේ බේරගන්න පුළුවන්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එක්ව කටයුතු කිරීම සඳහා ආරම්භ කර තිබෙන සාකච්ජා වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදය ලැබී තිබෙන බව එජාප මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ඇය වැඩිදුරටත් පවසා සිටියේ නව නායකත්වයක් ගැන තවමත් තීරණයක් ගෙන නොමැති අතර එය පසුවට බේරාගත හැකි බවය.

”නායකත්වය පස්සේ බේරගන්න පුළුවන්. අපි දැන් කතාකරන්නේ එක්සත් ජාතික පක්ෂයේම තව කොටසක් එක්ක. එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලා ගිය,එක්සත් ජාතික පාක්ෂිකයෝ ඉන්න පක්ෂයක් තමයි සමඟි ජන බලවේගය. මේ පක්ෂ දෙකෙන්ම අද නායකයෝ දෙන්නෙක් ඉන්නවා. ඉදිරියට ඒ සම්බන්ධයෙන් තව කල්තියෙනවා. එකපාරටම හැම ප්‍රශ්නයක්ම අපිට විසඳන්න බැහැ.අපි උපරිමයෙන් උත්සහ කරන්නේ මේක ආරම්භයක් පමණයි. ඉදිරියේදී ගැටළු මතුවෙනකොට ඒ සඳහා අවශ්‍ය කතාබහවල් අපි කරනවා. රනිල් වික්‍රමසිංහ අපේ පක්ෂයේ නායකතුමා ඉතාම සුභවාදිව කල්පනාකරලා තියෙනවා. මේ කටයුත්තේදී එතුමා අපිට අවශ්‍ය පූර්ණ ආශිර්වාදය ලබාදීලා තියෙනවා.”

Related posts

කොරෝනා ආසාදිත තවත් බන්ධනාගාර රැඳවියන් 87ක්

Mohamed Dilsad

பெரும்பாலான பகுதிகளில் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

தமிழ் புத்தாண்டில் புது படங்கள் வருமா?

Mohamed Dilsad

Leave a Comment