දේශීයප්‍රමුඛ පුවත 1

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් කෝටි6 මුදල් සමඟ අත්අඩංගුවට[PHOTOS]

(UTV |කොළඹ) – මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකිනි.

මෙහිදී එක් සැකකරුවෙකු සතුව තිබූ රුපියල් 59,000,000ක මුදලක් ද සොයා ගත් බව පොලිසිය පවසයි.

කඩුවෙල, මාලබේ හා වැලිවිට යන ප්‍රදේශ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා ඔවුන් අතර සිදුවන ජාලගත මුදල් සංසරණය පිළිබඳ සොයා සිදුකර ඇත.

එම මෙහෙයුමෙන් කඩුවෙල, හේවාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්, තලංගම බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් හා 37 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

එයින් හේවාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සතුව තිබී අදාළ මුදල සොයා ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයා ගෙන තිබිය දී මෙරට දී අත්අඩංගුවට ගත් විශාලතම මුදල මෙය වේ.

එම මුදල බැංකුවේ තැන්පත් කිරීම සඳහා සුදානමින් සිටියදී මෙලෙස සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.

Related posts

සමගි ජන බලවේගයට තහනම් නියෝගයක්

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

යතුරුපැදි අනතුර දෙදෙනෙකුට මරු කැඳවයි

Mohamed Dilsad

Leave a Comment