දේශීය

ඉතාලියේ මෙරට කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වැසේ

(UTV | ඉතාලිය) – ඉතාලියේ මෙරට කොන්සල් ජනරාල් කාර්යාලය අද (11) සිට ලබන 15 වනදා දක්වා තාවකාලිකව වසා දමා ඇත.

ඒ, එම කාර්යාලයට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව දැන ගැනීමත් සමඟයි.

කාර්යාලය විෂබීජහරණය කර ඇති අතර, කාර්ය මණ්ඩලය ඉදිරියේදී PCR පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතය.

වසා දැමෙන කාලය තුළ මරණ හෝ ඉතාමත් හදිසි කන්සියුලර් කටයුතු වේ නම් උදෑසන 9.30 සිට 4.30 අතර කාලය තුළ 388 724 90 16 යන දුරකථන අංකයට අමතන ලෙසට එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙයි.

 

Related posts

මාලිමා ආණ්ඩුව පාක්ෂිකයන් වෙනුවෙන් වැදගත්ම තීරණයක් ගනී – තණකොළ මිල පහළ දමයි

Editor O

බස්නාහිර විශේෂ වැටලීම්වලින් 409ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලැප්ටොප් බෑගය බාර නොදීී, විශ්‍රාම ගිය උසස් නිලධාරියාගේ වැටුපෙන් රු. 10000ක් කපයි.

Editor O

Leave a Comment