දේශීය

ජනපති ලේකම් පී.බී. ඉල්ලා අස්වීම භාර දෙයි

(UTV | කොළඹ) – ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා විසින් භාරදුන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගෙන ඇති බව වාර්තා වෙයි.

පී.බී. ජයසුන්දර මහතා ජනපති ලේකම් ධුරයෙන් ඉවත්වීමට නියමිත බව මාධ්‍ය පසුගිය දින කිහිපයේදීම වාර්තා කළේය.

කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම පී.බී. ජයසුන්දර මහතා එම ධුරයන් ඉවත් කළ යුතු බවට සඳහන් කර තිබුණි.

ඔහුගෙන් හිස්වන ජනපති ලේකම් ධුරය සඳහා දැනට අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කරන ගාමිණී සෙනරත් මහතා හෝ වාරි මාර්ග අමාත්‍යාංශ ලේකමේ ලෙස කටයුතු කරන අනුර දිසානායක මහතා පත්කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

Related posts

මානව හිමිකම් කොමිසම විමර්ශනයට කන්දකාඩු යයි

Mohamed Dilsad

ජනාධිපතිවරණය නියමිත කාලයේදී පවත්වනවා – එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන

Editor O

පාර්ශව රැසකට කොරෝනා මර්ධන එන්නත

Mohamed Dilsad

Leave a Comment