දේශීය

මහර මියගිය රැඳවියන් 11 දෙනාගේම මෘත ශරීර හදුනාගැනේ

(UTV | ගම්පහ) – මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියෙන් මිය ගිය රැඳවියන් 11 දෙනාගෙන්, ඉතිරිව තිබූ රැඳවියන් සිව්දෙනාගේ සිරුරු ද හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අනුව මියගොස් ඇති රැඳවියන් බියගම , මිනුවන්ගොඩ , ජා ඇළ , එඬේරමුල්ල , වැලිවේරිය , අගුරුවාතොට , වත්තල හුණුපිටිය , සපුගස්කන්ද හා කැළණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ජීවිතක්ෂයට පත්ව ඇති සියලු රැඳවියන් මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූවන් වන අතර මෘත ශරීර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පංච පුද්ගල විශේෂඥ කණ්ඩායමක් විසින් සිදු කිරීමට නියමිතය.

 

Related posts

20 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

පෙන්ෂන් යැවීමේ නීතිය ජනවාරියේ සිට

Mohamed Dilsad

අලුත් අවුරුදු කාල සීමාවේ දී සතොසට වාර්තාගත ආදායමක්

Mohamed Dilsad

Leave a Comment