විදෙස්

ජනපති ධූරයෙන් නික්මීමට පෙර ට්‍රම්ප් 5 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කරයි

(UTV| ඇමරිකාව) – ඇමරිකානු නව ජනපති ජෝ බයිඩ්න් ජනවාරි 20 වැනිදා පදවි ප්‍රාප්තියට පෙර චූදිතයින් 5 දෙනෙකුට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ට්‍රම්ප් විසින් අනුමැතිය ලබාදී තිබේ.

ට්‍රම්ප් මෙවර ජනාධිපතිවරණයෙන් පරාජයවීම හේතුවෙන් ජනවාරි 19 වැනිදා එම ධූරයෙන් නික්ම යෑමට නියමිතය.

තත්ත්වය එසේ තිබියදී, මරණ දඬුවම් ලැබ සිරගතව කල්ගෙවන කිහිපදෙනෙකු ට එරෙහිව මධ්‍යම රජයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ජනාධිපති ට්‍රම්ප් විසින් අනුමත කර තිබෙන අතර , එමගින් වසර 130ක් පුරා පවත්වාගෙන ආ සම්ප්‍රදායක් බැහැර කිරීමට ට්‍රම්ප් කටයුතු කර තිබේ.

සාමාන්‍යයෙන් ජනපති බල හුවමාරුවක් සිදුවන කාලය තුළ බලයෙන් ඉවත්වන ජනාධිපතිවරයා මරණ දණ්ඩනයට හිමිවුවන් ට එම දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළ ලියකියවිලි අත්සන් නොකරයි.

ඒ ආකාරයට චූදිතයින් 5 දෙනෙකු ට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම දඬුවම් ක්‍රියාත්මක වුවහොත් පසුගිය වසර 100 තුළ වැඩිම මරණ දණ්ඩන ගණනක් ක්‍රියාත්මක කළ අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් ඉතිහාසගත වෙයි.

එම මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීම අද (10) ඇරඹෙයි. එසේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ 40 හැවිරිදි බ්‍රන්ඩන් බර්නාඩ් සහ 56 හැවිරිදි ඇල්ෆ්‍රඩ් බර්ගොයි නමැත්තන්ට එරෙහිවයි.

 

Related posts

ඉන්දීය නව ආණ්ඩුවේ ප්‍රථම අයවැය ඉදිරිපත් කරයි

Mohamed Dilsad

අප්‍රිකානු රටවල ඉල්ලීමකට අනුව වර්ගවාදය සහ පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳ විවාදයක්

Mohamed Dilsad

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවෙන් කලු දුමාරයක්

Editor O

Leave a Comment