දේශීය

මහර මියගිය රැඳවියන් 11 දෙනාගේම මෘත ශරීර හදුනාගැනේ

(UTV | ගම්පහ) – මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියෙන් මිය ගිය රැඳවියන් 11 දෙනාගෙන්, ඉතිරිව තිබූ රැඳවියන් සිව්දෙනාගේ සිරුරු ද හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අනුව මියගොස් ඇති රැඳවියන් බියගම , මිනුවන්ගොඩ , ජා ඇළ , එඬේරමුල්ල , වැලිවේරිය , අගුරුවාතොට , වත්තල හුණුපිටිය , සපුගස්කන්ද හා කැළණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ජීවිතක්ෂයට පත්ව ඇති සියලු රැඳවියන් මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූවන් වන අතර මෘත ශරීර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පංච පුද්ගල විශේෂඥ කණ්ඩායමක් විසින් සිදු කිරීමට නියමිතය.

 

Related posts

හෙට සහ 29 සුරාසල් වසන්නැයි නියෝග

Mohamed Dilsad

එන්නත්කරණ වැඩසටහන දීපව්‍යාප්ත මට්ටමින් සාර්ථකව

Mohamed Dilsad

ජානකී සිරිවර්ධන රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment