දේශීය

2021 අයවැයට අදාළ අවසන් ඡන්ද විමසීම අද

(UTV |කොළඹ) – ලබන වසරේ අයවැයට අදාළව අවසන් ඡන්ද විමසීම අද පස්වරු 5 පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය.

පසුගිය නොවැම්බර් 21 වනදා අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවති අතර, එහිදී වැඩි ඡන්ද 99 කින් දෙවන වර කියවීම සම්මත විය.

මෙහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 52 ක් පමණි.

විසිවන ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුවට සහය දුන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ ආණ්ඩුවට සහයෝගය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කළේය.

මේ අතර ඊයේ අයවැය කාරක සභා අවස්ථාවේදී අධිකරණ, කම්කරු, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් සංශෝධන රහිතව සම්මත කෙරුණි.

Related posts

කිරිපිටි මිල සංශෝධනය ගැන අවසන් තීරණය අද

Mohamed Dilsad

නාමල් නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

ජනපති සමාවෙන් සිරකරුවන් රැසකට නිදහස

Mohamed Dilsad

Leave a Comment