ගොසිප්

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආරම්භය සිදුවූ හැටි

(UTV | ගම්පහ) – මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ කොරෝනා පොකුර නිර්මාණය වී ඇත්තේ යුක්රේනයේ සිට පැමිණි ගුවන් සේවා කාර්යමණ්ඩල සාමාජිකයෙකුගෙන් වෛරසය සම්ප්‍රේශණය වීම නිසා යැයි අනුමාන කරන බව කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ට වෛරසය සම්ප්‍රේෂණය වූ ආකාරය පිළිබදව මාන කිහිපයක් ඔස්සේ අධ්‍යයනය කර ඇති අතර ඒ අනුව මෙම නිගමනයට පැමිණි ඇති බව ද ඇය පැවසීය.

මේ අතර, ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයන් 649 දෙනෙකු අලුතින් හඳුනා ගැනුණු අතර ඉන් 451 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වෙයි.

 

Related posts

මහා මැතිවරණයේදී තිස්ස මහනුවරින් තරඟ බිමට

Mohamed Dilsad

මුතුහෙට්ටිගමත් හඬපට එළියට දන්න සුදානම්

Mohamed Dilsad

තුර්කියේ සුන්බුන් අතරින් බේරා ගැණුනු සිඟිත්තිය [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment