දේශීය

ගුවන් තොටුපොළ යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අද යළි සාකච්ඡාවක්

(UTV | කොළඹ) – විදේශීය සංචාරකයන් සඳහා ගුවන් තොටුපළ නැවත විවෘත කිරීම සහ සංචාරකයන් දිවයිනට ගෙන්වා ගැනීම යළි ආරම්භ කෙරෙන ආකාරය පිළිබද තීරණය කිරීමට පත්කළ සංචාරක හා සෞඛ්‍ය ඒකාබද්ධ කමිටුවේ තවත් සාකච්ඡාවක් අද (07) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් වන පළමු සාකච්ඡාව පෙරේදා දිනයේදි පැවැත්විය.

ගුවන්තොටුපළ විවෘත කිරීමට සහ සංචාරකයින්ට රට විවෘත කිරීමට කඩිනම් දිනයක් ලබාදෙන ලෙස මෙම කමිටුවට උපදෙස් ලබා දී ඇත.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙරේදා දිනයේදී පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ලබන වසර මුලදී සංචාරකයින්ට රට විවෘත කිරීමටත් ගුවන් තොටුපළ විවෘත කිරීමටත් හැකියව ලැබෙනු ඇති බවයි.

 

Related posts

ඇඳිරි නීතිය පැවතියත් නඩු සදහා පෙනී සිටින නීතිඥවරුන්ට බාධාවක් නැහැ

Mohamed Dilsad

රන්ජන් රාමනායකට එරෙහිව ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි.

Editor O

වත්මන් ආණ්ඩුව පැයකට රු. කෝටි 134.29 බැගින් ණය ගන්නවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

Editor O

Leave a Comment