දේශීය

ගුවන් තොටුපොළ යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අද යළි සාකච්ඡාවක්

(UTV | කොළඹ) – විදේශීය සංචාරකයන් සඳහා ගුවන් තොටුපළ නැවත විවෘත කිරීම සහ සංචාරකයන් දිවයිනට ගෙන්වා ගැනීම යළි ආරම්භ කෙරෙන ආකාරය පිළිබද තීරණය කිරීමට පත්කළ සංචාරක හා සෞඛ්‍ය ඒකාබද්ධ කමිටුවේ තවත් සාකච්ඡාවක් අද (07) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් වන පළමු සාකච්ඡාව පෙරේදා දිනයේදි පැවැත්විය.

ගුවන්තොටුපළ විවෘත කිරීමට සහ සංචාරකයින්ට රට විවෘත කිරීමට කඩිනම් දිනයක් ලබාදෙන ලෙස මෙම කමිටුවට උපදෙස් ලබා දී ඇත.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙරේදා දිනයේදී පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ලබන වසර මුලදී සංචාරකයින්ට රට විවෘත කිරීමටත් ගුවන් තොටුපළ විවෘත කිරීමටත් හැකියව ලැබෙනු ඇති බවයි.

 

Related posts

පාසල් සිසුවියන් අතර ගැබ් ගැනීම් ඉහළ යෑමේ ප්‍රවණතාවයක් ගැන හෙළිදරව්වක්

Editor O

ගායක මොහිදීන් බෙග් වෙනුවෙන් සමරු මුද්දරයක්

Mohamed Dilsad

අතුරුගිරිය පොලීසියට එරෙහිව, මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක්

Editor O

Leave a Comment