Trending Newsඑසැන පුවත්දේශීය

අතුරුගිරිය පොලීසියට එරෙහිව, මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක්

තමාට අතුරුගිරිය පොලීසියෙන් වුණු අකටයුත්තක් සම්බන්ධයෙන්, ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල පසුගියදා සිය මුහුණු පොතට දීර්ඝ සටහනක් එක්කර තිබිණ.

ඒ, හබරකඩ ප්‍රදේශයේ පිහිටි සිය නිවස පෙනෙන මානයේ ඇති සිල්ලර කඩයකට ගොස් පිටතට පැමිණෙන අවස්ථාවේදී හැඳුනුම්පත පිළිබඳව විමසා, තමාව තිදෙනෙකු විසින් අතුරුගිරිය පොලීසිය වෙත රැගෙන ගිය බව සඳහන් කරමින්.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත, කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා විසින් අද (24) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.

එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළ කසුන් හීනටිගල මහතා මෙරටේ පුරවැසියෙක් ලෙස මිනිස් අයිතීන් කඩවීමට එරෙහිව නැඟී සිටීම සිදුකළ යුතු ම කාර්‍යයක් වන බවයි. එමෙන්ම අදාළ පොලිස් ස්ථානය මඟින් මීට ඉහත ද විවිධ අකටයුතුකම් සිදුව ඇති බවත් ඔහු පෙන්වා දී තිබුණා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල, ”මිනිස් අයිතිවාසිකම් කියන්නෙ රටේ ඉන්න, ලෝකෙ ඉන්න හැම මානවයට ම ලැබෙන අයිතීන්. ඉතින් මමත් මේ රටේ පුරවැසියෙක්. පුරවැසි අයිතීන් සුරක්ෂිත කරන්න ඕනි රාජ්‍යයෙන්. ඒ වගේම නීතිය රකින්න ඉන්න පොලිස් නිලධාරීන්ම තමයි මේවා ආරක්ෂා කරන්න ඕනි. ඔවුන්ගෙන්ම අපේ මිනිස් අයිතිවාසිකම් කඩ වෙනවා නම් අපිට වෙන සරණක් නෑ. ඔවුන්ට විරුද්ධව අනිවාර්‍යයෙන්ම පියවර ගන්න ඕනි.”

”මම කිව්වෙ අර තියෙන්නෙ මගේ ගෙදර. කඩේට ආවේ බඩුමුට්ටු ටිකක් ගන්න. හරි එහෙනම් ගෙදරට යමු අයිඩී එක පෙන්වන්න කියලා. ඒ යන අතරතුරදී මේගොල්ලො මට ත්‍රීරෝදය ඇතුළෙදි ශාරීරික අඩම්තේට්ටම් කරද්දි මම කිව්වා මට ඕක කරන්න එපා මගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් කියලා. ඒගොල්ලො මගෙ අත මිරිකමින් මට පරුෂ වචනයෙන් බැණ වැදුණා….”

Related posts

Body with gunshot wounds found in Nawagamuwa

Mohamed Dilsad

ஆப்கானிஸ்தானை எதிர்கொண்டு வெற்றியை ருசித்த இந்தியா

Mohamed Dilsad

Japan’s Yoshitaka Sakurada resigns as Olympics minister

Mohamed Dilsad

Leave a Comment