Trending Newsඑසැන පුවත්දේශීය

නත්තල් දිනයේ දී රැඳවුවන් 364 දෙනෙකුට රාජ්‍ය සමාව

නත්තල් දිනය නිමිත්තෙන් සිරකරුවන් 389 දෙනකුට විශේෂ රාජ්‍ය සමාව ලබාදීමට නියමිතව තිබේ. ජනාධීපතිතුමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34-1 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ පොදු සමාව හිමිවී තිබේ. ඒ අනුව හෙට (25) නත්තල් දිනයේ දී, සුළු වරද සම්බන්ධයෙන් සිරගත කළ සිරකරුවන් මෙම නිදහසට හිමිකම් කියන බවත් ඒ් අතරින් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිවීම නිසා බන්ධනාගාර ගත වූ සිරකරුවන් 364 දෙනකු ,ගෙවමින් පවතින දඩය අහෝසි වීම මත නිදහස ලබා ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී.බී.දිසානායක මහතා කියයි.

මෙලෙස නිදහස ලබන සිරකරුවන්ගේන් 04 දෙනකු කාන්තාවන්වේ. වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් නිදහස ලබන්නේ මහර බන්ධනාගාරයෙනි. එම සංඛ්‍යාව 48කි. වාරියපොළ බන්ධනාගාරයෙන් සිරකරුවන් 45ක්ද ,වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 41ක්ද හෙට නිදහස ලබා පිටව යෑමට නියමිතයි.

ඒමෙන්ම අනුරාධපුරය බන්ධනාගාරයෙන් සිරකරුවන් 33ක්ද,කුරුවිට බන්ධනාගාරයෙන් සිරකරුවන් 20ක්ද,ගාල්ල,බෝගම්බර සහ යාපනය බන්ධනාගාරවලින් සිරකරුවන් 17 බැගින්ද ,පොළොන්නරුව බන්ධනාගාරයෙන් සිරකරුවන් 13ක්ද වශයෙන් මෙරට බන්ධනාගාර ආයතන 29 කින් සිරකරුවන් 389 දෙනකු නත්තල් දිනයදා නිදහස ලබා පිටව යාමට නියමිතය.

Related posts

Meghan Markle’s bodyguard warned fans not to click selfies during Wimbledon match

Mohamed Dilsad

தொழிற்சங்க நடவடிக்கையில் ஈடுபட தீர்மானம்

Mohamed Dilsad

தேசிய டெங்கு ஒழிப்பு வாரம் செப்டெம்பர் 26ம் திகதி ஆரம்பம்…

Mohamed Dilsad

Leave a Comment