Trending Newsඑසැන පුවත්දේශීය

නත්තල් දිනයේ දී රැඳවුවන් 364 දෙනෙකුට රාජ්‍ය සමාව

නත්තල් දිනය නිමිත්තෙන් සිරකරුවන් 389 දෙනකුට විශේෂ රාජ්‍ය සමාව ලබාදීමට නියමිතව තිබේ. ජනාධීපතිතුමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34-1 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ පොදු සමාව හිමිවී තිබේ. ඒ අනුව හෙට (25) නත්තල් දිනයේ දී, සුළු වරද සම්බන්ධයෙන් සිරගත කළ සිරකරුවන් මෙම නිදහසට හිමිකම් කියන බවත් ඒ් අතරින් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිවීම නිසා බන්ධනාගාර ගත වූ සිරකරුවන් 364 දෙනකු ,ගෙවමින් පවතින දඩය අහෝසි වීම මත නිදහස ලබා ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී.බී.දිසානායක මහතා කියයි.

මෙලෙස නිදහස ලබන සිරකරුවන්ගේන් 04 දෙනකු කාන්තාවන්වේ. වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් නිදහස ලබන්නේ මහර බන්ධනාගාරයෙනි. එම සංඛ්‍යාව 48කි. වාරියපොළ බන්ධනාගාරයෙන් සිරකරුවන් 45ක්ද ,වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 41ක්ද හෙට නිදහස ලබා පිටව යෑමට නියමිතයි.

ඒමෙන්ම අනුරාධපුරය බන්ධනාගාරයෙන් සිරකරුවන් 33ක්ද,කුරුවිට බන්ධනාගාරයෙන් සිරකරුවන් 20ක්ද,ගාල්ල,බෝගම්බර සහ යාපනය බන්ධනාගාරවලින් සිරකරුවන් 17 බැගින්ද ,පොළොන්නරුව බන්ධනාගාරයෙන් සිරකරුවන් 13ක්ද වශයෙන් මෙරට බන්ධනාගාර ආයතන 29 කින් සිරකරුවන් 389 දෙනකු නත්තල් දිනයදා නිදහස ලබා පිටව යාමට නියමිතය.

Related posts

Kimono is ‘Japanese thing’: Japanese official to Kim on her shape wear line

Mohamed Dilsad

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින නියම කෙරේ

Editor O

තෙල් ටැංකි 99ක් අපට වැඩියි. ටැංකි 61ක් යොදාගෙන, ඉන්දීය සමාගමක් සමග සාකච්ඡා කරලා තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සැලසුම් කරනවා.

Editor O

Leave a Comment