දේශීය

PCR පරීක්ෂණ සඳහා තවත් පෞද්ගලික රෝහල් 5 කට අනුමැතිය

(UTV | කොළඹ) – දෛනිකව සිදුකරන PCR පරීක්ෂණ සංඛ්‍යාව 20,000 ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ වනවිටත් ඒ සඳහා රජයේ රෝහල් 05 කට සහ පෞද්ගලික රෝහල් 05 කට ද අනුමැතිය හිමිව ඇති බව ද රත්නායක මහතා සඳහන් කළේය.

දැනට තිබෙන PCR පරීක්ෂණ ප්‍රමාණය 13,000 ත් 14,000 ත් අතර බවත් ඉදිරියේදී 20,000 සීමාවට මේක ගේන්න සැලසුම් කර ඇති බවත් , ඒ සඳහා අවශ්‍ය පහසුකම් වෙනුවෙන්, සාමාන්‍ය රෝහල්වලට අමතරව තවත් රෝහල් කිහිපයක් PCR පරීක්ෂණ සඳහා අනුමත කර ඇති බව ද මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ් මහතා සඳහන්කර සිටියේය.

 

Related posts

ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමේ අදහස

Editor O

අමෙරිකානු බද්ද හමුවේ ශ්‍රී ලංකාවට ඇති අභියෝග…?

Editor O

හිරුණිකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment