දේශීය

හිරුණිකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (20) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියාය.

අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ,

“විමර්ශනය මොකක්ද කියලා සඳහන් කරලා නැහැ. අරගලයට තමයි. වෙන මොකටද?. අරගලයට පිං සිද්ධ වෙන්න ජනාධිපති වුණා. දැන් අරගලයට සම්බන්ධ වෙච්ච හැම කෙනාවම මොන මොනවා හරි දාලා ඇතුළට අරගෙන ඇවිල්ලා ප්‍රශ්න කරනවා. අරගලයෙන් කරදරයක් වුණා නම් වුණේ රාජපක්ෂවරුන්ට. ඔවුන්ට දේශපාලනයෙන් අයින් වෙන්න සිද්ධ වුණා. වාසියක් වුණා නම් වුණේ රනිල් ට. ලංකාවට එතෙක් මෙතෙක් බිහිවුණු සියලුම රාජපක්ෂවරුන්ට වඩා.. සියලුම ජනාධිපතිවරුන්ට වඩා ඒකාධිපති ම පාලකයා තමයි මේ රනිල් රාජපක්ෂ. ඒක ඉතිහාසගත වෙනවා.”

Related posts

අගමැති ඉතාලිය වෙත ළඟා වෙයි

Mohamed Dilsad

ජනපති දළදා සමිඳුන් වැඳ පුදාගනියි

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment