දේශීය

ඇඳිරි නීතිය පැවතියත් නඩු සදහා පෙනී සිටින නීතිඥවරුන්ට බාධාවක් නැහැ

(UTV | කොළඹ) – දිවයින පුරා ඇදිරි නීතිය පැවතුන ද අධිකරණ කටයුතු පැවැත්වෙන අධිකරණය වල නඩු සදහා පෙනී සිටින නීතිඥවරුන්ට ඔවුන්ගේ නිවසේ සිට අදාල අධිකරණයට ගමන්  කිරීමට අවසරය ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එලෙස ගමන් කරන නීතිඥවරුන් සහ නීතිඥවරියන් සිය නිල රාජකාරි ඇඳුමෙන් සිටීම අනිවාර්ය බවත් , ඔහු හෝ ඇය ගෙන් ආරක්ෂක අංශ හැදුනුම්පත ඉල්ලා සිටින අවස්ථාවල තමන්ගේ රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related posts

ගංජා හේන මාමගේ නෙමෙයි මන්ත්‍රී බෑනගේ…? | පොලිස් නිලධාරීන්ට දඬුවම් දෙන්නේ ඒකයි…! – උදය ගම්මන්පිල…

Editor O

මුස්ලිම් කොංග්‍රසයේ පුරප්පාඩු මන්ත්‍රී ධුරයට අලුත් කෙනෙක්

Editor O

බස් රථවල ඝෝෂාකාරී සංගීත ප්‍රචාරණය අද සිට තහනම්

Mohamed Dilsad

Leave a Comment