දේශීය

නව පොලිස්පතිවරයා කතානායකවරයා හමු වෙයි

(UTV |කොළඹ) – නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (02) පස්වරුවේ ශ්‍රී ලංකා පර්ලිමේන්තුවේ දි ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු විය.

මෙහිදී අදහස් දැක් වු කථානායකවරයා පැවසුවේ ශ්‍රී ලංකා පොලිසියට ජාතික වශයෙන් පැවරෙන වගකීම ඉටුකිරීම සඳහා,  නව පොලිස්පතිවරයාට වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන බවයි.

එමෙන්ම කථානායකවරයා , නව පොලිස්පතිවරයාට සුබ පැතුම් එක්කළ අතර, ශ්‍රී ලංකා පොලිසියේ කාර්‍යභාරය වඩාත් කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කළේය.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35 වැනි පොලිස්පතිවරයායි.

Related posts

අද දිනය තුළ ආසාදිතයින් තිදෙනෙක්

Mohamed Dilsad

“එක්ස්ප්‍රස් පර්ල්” ගින්නෙන් වු පාරිසරික හානියේ ගණනය ඇරඹේ

Mohamed Dilsad

ආනයනික වාහන ගැන තොරතුරු දැන ගන්න ඇප් එකක්

Editor O

Leave a Comment