Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආනයනික වාහන ගැන තොරතුරු දැන ගන්න ඇප් එකක්

ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති සියලුම වාහන සම්බන්ධයෙන් තොරතුරු සෘජුවම ලබාගත හැකි “Motor Vehicle Verification” නමින් නව ජංගම යෙදුමක් හඳුන්වාදීමට රේගු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පැවසීය.

විවිධ වාහන ආනයන සම්බන්ධයෙන් සිදුවන බදු වංචා සහ පැහැරහැරීම් පාලනය කිරීම සඳහා ද මේ වනවිට විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු සදහන් කළේය.

“අප සතුව තොරතුරු ලබාදිය හැකි ක්‍රමවේදයක් තිබෙනවා. මේ සතියේදී ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා. ඉදිරියේදී Motor Vehicle Verification යෙදුම ඔස්සේ රථවාහන සම්බන්ධ තොරතුරු පාරිභෝගිකයන්ට සෘජුවම ලබා ගත හැකි වේ” යැයිද ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ රථවාහනයක් මිලදී ගැනීමට උත්සාහ කරන පාරිභෝගිකයෙකුට එම වාහනය නීත්‍යානුකූලව ආනයනය කර ඇතිද, තීරු බදු නිසි පරිදි ගෙවා ඇතිද යන්න නිවසේ සිටම පරික්ෂා කිරීම සඳහා මෙම යෙදුම උපකාරී වන බවද රේගුපතිවරයා පැවසීය.

ඔහු මේ අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

Related posts

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය විවෘත කරයි

Mohamed Dilsad

அடுத்த வாரம் தேசிய கனிஷ்ட மெய்வாண்மை போட்டி ஆரம்பம்

Mohamed Dilsad

Three suspects with heroin held by the Navy

Mohamed Dilsad

Leave a Comment