දේශීය

ආපදා සහන සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසියෙන් උපරිම දායකත්වය

(UTV | කොළඹ) – බුරවි සුළි කුණාටුව හමුවේ ඇතිවන පීඩා අවම කර ගැනීම සදහා හා ආපදා සහන යාන්ත්‍රණය සදහා දිසාපතිවරුන්ට සහය දෙන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය විසින් උතුරු නැගෙනහිර හා වන්නි ප්‍රදේශවල හමුදා ආඥාපතින්ට උපදෙස් ලබාදී ඇත.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා කියා සිටියේ ආපදා සහන යාන්ත්‍රණය සදහා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය රාජ්‍ය අංශයට උපරිම දායකත්වය ලබාදෙන බවයි.

වසර ගණනාවකට පසු එන මෙම බුරවි සුළි කුණාටුවේ බලපෑම සෘජුව හා වක්‍රව සමස්ථ දිවයිනටම ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

කුණාටුව හටගන්නා විට එය නැරඹීමට යාම හෝ විවෘත භූමිවල රැඳී සිටීම සපුරා තහනම් බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා කියා සිටියේය.

කුණාටුවෙන් සිදුවන දේපල හානි සදහා රජය වන්දි ගෙවන බවත් , එබැවින් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා පූර්ණ අවධානය යොමු කරන්නැයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

 

 

 

Related posts

හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන්ගේ දේහය ආදාහනය කරයි

Mohamed Dilsad

මාලිමා මැයි රැළියට බස් 5500ක් : බස් රථ සඳහා ඇස්තමේන්තුගත ප්‍රවාහන වියදම රුපියල් ලක්ෂ 2400ක්..!

Editor O

අද සිට අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යළි විවෘතයි

Mohamed Dilsad

Leave a Comment