දේශීය

නිවාර් සුළි කුණාටුවේ බලපෑම ලංකාවටත්

(UTV |කොළඹ) – නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” සුළි කුණාටුව ඊයේ (24) රාත්‍රී 11.30 වනවිට චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ.

එය ලංකාවේ කන්කසන්තුරය වෙරළට කි.මී. 230ක් නැගෙනහිරින් ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එය ඉදිරි පැය 24ක කාලය තුළ ඉතා චන්ඩ සුළි කුණාටුවක් බවට පත්වෙමින් දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ හරහා ගමන් කරනු ඇති බවයි එම නිවේදනයේ දැක්වේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැ.කි.මි. 60-80 පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

පාසල් නිවාඩුව ඔක්තෝම්බර් 09 වනදායින් ඇරඹේ [RELEASE]

Mohamed Dilsad

ඉන්දියාවේ සිටි නාවිකයින් පිරිසක් යළිත් දිවයිනට

Mohamed Dilsad

පොලිස් නිලධාරියෙක් වෙඩිතබා ගනී

Mohamed Dilsad

Leave a Comment