දේශීය

කොළඹ මහල් නිවාස අගුළු දැමෙන කාලය දිගු වෙයි

(UTV |කොළඹ) –  කොරෝනා අවධානම හේතුවෙන් අගුළු දමා ඇති කොළඹ ආශ්‍රිත සියලුම මහල් නිවාස සංකීර්ණ තවත් දින 14ක් අගුළු දැමීමට පියවරගෙන ඇති බව වාර්තා වේ.

ඒ 23 වැනිදා සිට බලපැවැත්වෙන පරිදිය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න පැවසුවේ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උපදෙස් මත මෙලෙස අගුළු දැමීමේ කාලය දීර්ඝ කළ බවයි.

මේ අනුව දැනට මහල් නිවාස සංකීර්ණ අටක්- තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහල් නිවාස තුනක්, කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටතේ තියෙන මහල් නිවාස සංකීර්ණ පහක් සහ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටතේ තියෙන එක් මහල් නිවාසයක් මේ වන විට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි රජය මගින් නැවත අගුළු දමා ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

ඒ අනුව මෙම අගුළු දැමීමේ ක්‍රියාවලිය දෙසැම්බර් 06 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරේ.

Related posts

ලෝක කුසලාන 20-20 කාන්තා 19න් පහළ, ක්‍රිකට් තරඟාවලිය මැලේසියාවේ දී ඇරඹේ

Editor O

“රිෂාඩ් සම්බන්දයෙන් නීතිපතිවරයාගෙන් විමසා, පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න”

Mohamed Dilsad

වී මිලදී ගන්නා අගයන් සංශෝධනයක්

Mohamed Dilsad

Leave a Comment