විදෙස්

විෂබීජ නාශක දියර පානය කිරීමෙන් රුසියාවේ 7 ක් මරුට

(UTV | රුසියාව) – කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතා කරන විෂබීජ නාශක දියර වර්ගයක් පානය කිරීමෙන් 7 දෙනෙකු මියගොස් අසාධ්‍ය තත්ත්වයේ පසුවන තවත් දෙදෙනකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

රුසියාවේ ටැටින්ස්කි දිස්ත්‍රික්කයේ ටොම්ටර් ගම්මානයේ පැවති සාදයකදී ගෙනවිත් තිබූ මත්පැන් අවසන් වීමෙන් පසු ඒ වෙනුවට සනීපාරක්ෂක දියර පානය කර ඇතැයි පොලිසිය පවසයි.

එම සනීපාරක්ෂක දියර වර්ගය නිෂ්පාදනයේදී මෙතනෝල් 69 % ක් යොදාගෙන ඇති බවද පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේදී හෙළවී තිබේ.

 

 

Related posts

බින් ලාඩන්ගේ පුත්‍රයා මිය ගොස් – ඇමරිකානු ආරක්ෂක ලේකම් සහතික වෙයි

Mohamed Dilsad

උතුරු කොරියාව දෙසට හඬ නැගීම දකුණු කොරියාව නවත්වයි

Mohamed Dilsad

අමෙරිකාවේ ට්‍රක් රථයක් තුළ සංක්‍රමණිකයන් 42 දෙනෙකුගේ සිරුරු

Mohamed Dilsad

Leave a Comment