විදෙස්

අමෙරිකාවේ ට්‍රක් රථයක් තුළ සංක්‍රමණිකයන් 42 දෙනෙකුගේ සිරුරු

(UTV |  අමෙරිකාව) – අමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ ට්‍රක් රථයක් තුළ තිබී සංක්‍රමණිකයන් 42 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

තවත් 16 දෙනෙකු නිරුපද්‍රිතව මුදාගෙන ඇති බවයි අමෙරිකානු වාර්තා සඳහන් කලේ.

මෙම පිරිස මෙක්සිකෝව හෝ වෙනත් රටක සිට නීති විරෝධීව අමෙරිකාවට පළා ආ පිරිසක් බවටයි විශ්වාස කෙරෙන්නේ.

පවතින දැඩි උණුසුම් කාළගුණයත් සමග ට්‍රක් රථය තුළදී ශ්වසන අපහසුතා ඇතිවීමෙන් ඔවුන් මියයන්නට ඇති බවට අමෙරිකානු බළධාරීන් අනාවැකි පළකරනවා.

Related posts

රාමනාදපුරම් කොංග්‍රස් පක්ෂයේ සභාපතිවරයා අත්අඩංගුවට

Mohamed Dilsad

ගිනි කෙලි අනතුරකින් 39ක් රෝහලේ

Mohamed Dilsad

තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස

Mohamed Dilsad

Leave a Comment