විදෙස්

තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස

සටන් විරාම ගිවිසුම යටතේ ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් භාරයේ සිටින තවත් රැඳවියන් කිහිප දෙනෙකු මුදාහැර තිබේ.

 

ඊයේ (29) රාත්‍රියේ ඊශ්‍රායල අත්අඩංගුවේ පසු වූ පලස්තීන ජාතිකයන් 30 දෙනෙකු මුදාහැර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

 

නිදහස් කළ පිරිස අතර කාන්තා රැඳවියන් ද වන බව සඳහන්ය.

 

මේ අතර, හමාස් සංවිධානය විසින් ද සිය භාරයේ සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු මුදාහැර තිබේ.

 

මේ අතර, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුම අදින් අවසන් වන අතර, එය තවදුරටත් දීර්ඝ කරගැනීම සඳහා මේ වන විට ජාත්‍යන්තර මැදිහත්කරුවන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Related posts

කෙන්යාවේ වගාවන්වලට පලගැටි ආක්‍රමණයක් [PHOTOS]

Mohamed Dilsad

රුසියාවේ පිපිරීමෙන් 11ක් මරුට

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙක් අතර විවාදයක්

Editor O

Leave a Comment