දේශීය

ඝාතන තැත වළක්වයි

අමෙරිකාවේ ජීවත්වන සීක් ජාතිකයෙක්ව ඝාතනය කිරීමට කළ උත්සාහයක් වැලැක්වීමට එරට ආරක්ෂක බලධාරීන් සමත් වී තිබේ.

 

එම සීක් ජාතිකයා අමෙරිකානු ජාතිකයෙකි. ඔහු එරට සිටිමින් සීක් ජාතිකයින් වෙනුවෙන් ඉන්දියාව තුළ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයෙක් ලෙස සැලකෙයි.

 

ඔහුව ඝාතනය කිරීම සඳහා ඉන්දීය ජාතිකයෙක් වන නිකිල් ගුප්තා නමැත්තා ඩොලර් ලක්ෂයක මුදලක් එම ඝාතනය සිදුකිරීම සඳහා වෙනත් පුද්ගලයෙක්ට ගෙවීමට උත්සාහ දරා තිබුණි.

 

නමුත් එම ඝාතනය සිදුකිරීමට කුළී පදනම මත යොදාගැනීමට සැලසුම් කළ පුද්ගලයා අමෙරිකානු ආරක්ෂක නිලධාරියෙකි.

 

ගුප්තා මේ වනවිට චෙක් රාජ්‍යයේ රිමාන්ඩ් බාරයේ සිටින අතර ඔහුව අමෙරිකාවට පිටුවහල් කිරීමට නියමිතය.

 

52 හැවිරිදි ගුප්තා මෙම චෝදනාවට වැරදිකරු වුවහොත් ඔහුට වසර 20ක සිර දඬුවමක් ලැබෙයි.

 

මෙම ඝාතන උත්සාහය ට ඉන්දීය ඔත්තු සේවා නිලධාරීන් සම්බන්ධ බවට චෝදනා එල්ලවන අතර ඒ සම්බන්ධයෙන් වන චෝදනා ඉන්දීය බලධාරීන් ප්‍රති

ක්ෂේප කරයි.

 

Related posts

අලව්ව සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

අයවැය වැඩි ඡන්ද 157කින් සම්මතයි

Editor O

බේකරි නිෂ්පාදනවල මිල යළිත් ඉහළ දැමීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment