විදෙස්

විෂබීජ නාශක දියර පානය කිරීමෙන් රුසියාවේ 7 ක් මරුට

(UTV | රුසියාව) – කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතා කරන විෂබීජ නාශක දියර වර්ගයක් පානය කිරීමෙන් 7 දෙනෙකු මියගොස් අසාධ්‍ය තත්ත්වයේ පසුවන තවත් දෙදෙනකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

රුසියාවේ ටැටින්ස්කි දිස්ත්‍රික්කයේ ටොම්ටර් ගම්මානයේ පැවති සාදයකදී ගෙනවිත් තිබූ මත්පැන් අවසන් වීමෙන් පසු ඒ වෙනුවට සනීපාරක්ෂක දියර පානය කර ඇතැයි පොලිසිය පවසයි.

එම සනීපාරක්ෂක දියර වර්ගය නිෂ්පාදනයේදී මෙතනෝල් 69 % ක් යොදාගෙන ඇති බවද පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේදී හෙළවී තිබේ.

 

 

Related posts

ග්‍රීන් කාඩ් අත්හිටුවීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

Mohamed Dilsad

බැග්ඩෑඩ් ප්‍රහාරයෙන් ඉරාන ජෙනරාල් කසෙම් සුලෙයිමානි මියයයි

Mohamed Dilsad

ලැව් ගිනි දුමාරයෙන් සිඩ්නි සහ ඇඩිලේඩ් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment