දේශීය

ලාංකිකයන්ට ස්වයං නිරෝධායනයෙන් තොරව එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර

(UTV | කොළඹ) – අද (21) දිනයේ සිට මෙරටින් පිටව යන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ස්වයං නිරෝධායනයට ලක්වීමකින් තොරව එක්සත් රාජධානියට ඇතුළු වීමේ අවස්ථාව හිමිව තිබේ.

ඒ අනුව එරට වේලාවෙන් අද අලුයම 4 සිට ශ්‍රී ලාංකිකයින්ට ස්වයං නිරෝධායට ලක්වීමකින් තොරව එරටට ඇතුළු වීමේ අවස්ථාව පවතිනු ඇත..

එක්සත් රාජධානිය විසින් ස්වයං නිරෝධායනයෙන් තොරව සිය රටට ඇතුළු විය හැකි රාජ්‍යයන් ඇතුළත් ලැයිස්තුවට ශ්‍රී ලංකාව ද එක්කිරීම හේතුවෙන් මෙම අවස්ථාව හිමිව තිබේ.

ශ්‍රී ලංකාවට අමතරව එක්සත් රාජධානිය විසින් ඊශ්‍රායලය සහ උරුගුවේ යන රටවල් ද එංගලන්ත ආරක්ෂිත සංචාරක ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන අතර , නැබීබියාව, රුවන්ඩාව, බොනයා ශාන්ත යුස්ටේටියස් සහ සාබා, උතුරු මරියානා, මෙන්ම එක්සත් ජනපද වර්ජින් දූපත්වලට සංචාරකයින්ට අද දිනයේ සිට එංගලන්තයට පැමිණිමේදී නිරෝධායන ක්‍රියාවලියකට ලක්වීමට අවශ්‍ය නොවනු ඇති බව වාර්තා වේ.

 

Related posts

කාවිංග පෙරේරා රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

පාඨලී ට එරෙහි නඩුවකට කොළඹ මහාධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

ප්‍රභූ ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක්

Editor O

Leave a Comment