දේශීය

කාවිංග පෙරේරා රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

(UTV | කොළඹ) – බිමත්ව රිය පදවා මාරක රිය අනතුරක් සිදුකොට පළා යාමේදී තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පී කාවිංග පෙරේරා ලබන මාර්තු මස 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.


(UTV | කොළඹ) – ජනප්‍රිය නළු කාවිංග පෙරේරා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (18) රාත්‍රියේදී තලංගම ප්‍රදේශයේදී මොහු බීමත්ව රිය පදවා මාර්ග අනතුරක් සිදුකොට පලා යාමේදී මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම අනතුරෙන් මාර්ගයේ නඩත්තු කටයුතුවල යෙදී සිටි සේවකයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.

රිය අනතුර සිදුකොට වාහනය නොනවත්වා පළා යාමේදී පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර , මොහුව අද (19) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

මහනුවර කම්පනය ගැන සොයන්න විශේෂඥ කණ්ඩායමක් එම ප්‍රදේශයට

Mohamed Dilsad

දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

Mohamed Dilsad

හෙට නගරාන්තර දුම්රිය දෙකක් ධාවනයට එක්කරයි

Mohamed Dilsad

Leave a Comment