දේශීය

ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – ශ්‍රී ලන්කන් එයාර්ලයින් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳව ලබන මාර්තු (04 ) දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ ඔවුන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර් බස් සමාගමෙන් ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගෙන මුදල් විශුද්ධිකරණය කිරීම සම්බන්ධයෙනි.

Related posts

අජිත් ප්‍රසන්න ඇප මත මුදා හරී

Mohamed Dilsad

විදුලි බලයෙන් ක්‍රියාකරන BYDවල තාක්ෂණ දෝෂ : අළෙවි කළ වාහන තොගයක් යළි කැඳවයි

Editor O

කොරෝනා රෝගීන් ගණන 259කින් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment