දේශීය

ලොරි රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටෙයි [PHOTOS]

(UTV | මාතර) – මාතර-තංගල්ල ප්‍රධාන මාර්ගයේ එළියකන්ද ප්‍රදේශයේ දී අද (21) පෙරවරුවේ සිදුවූූ රිය අනතුරකින් ලොරි රථයේ රියදුරු එම ස්ථානයේ දීම මියගොස් ඇත.

තක්කාලි ප්‍රවාහනය කරනු ලබන ලොරි රථයක් සහ බස්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ.

අනතුරු සිදුවීමෙන් අනතුරුව විනාඩි 20 ක පමණ කාලයක් පුරා දැරූ දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ලොරි රථයේ සිරවී සිටි රියදුරු ඉවතට ගෙන ඇතිි අතර , ඔහු මාතර මහ රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 69 ක් වු මාතර, බණ්ඩත්තර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අනතුරින් බස්රථයේ ගමන් කළ පුද්ගලයින් පස්දෙනෙක් ද තුවාල ලබා ඇත.

 

No description available.

No description available.

No description available.

No description available.

 

 

Related posts

පෙර පාසල් සහ පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ ගැන සලකා බැලේ

Mohamed Dilsad

පළාත් කිහිපයකට වැසි

Mohamed Dilsad

පැරෂුට් පුහුණුවීමක් අතරතුර අනතුරකින් ගුවන් හමුදා නිළධාරියෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment