දේශීය

මැදපෙරදිග සිටි ලාංකිකයන් 411 ක් දිවයිනට – 267 ක් පිටව යයි

(UTV | කොළඹ) – අද අලුයම මැදපෙරදිග රටවල් 02 ක සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 411 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මේ අනුව කටාර් සිට 332 දෙනෙකුද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 21 දෙනෙකුද , ඉන්දියාවේ සිට 58 දෙනෙකුද ලෙස ශ්‍රී ලාංකිකයන් 411 දෙනෙකු අද මෙලෙස පැමිණ තිබුණි.

ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය යොමු කර ඇත.

එමෙන්ම එංගලන්තයේ ලන්ඩන් බලා 07 දෙනෙකු ද, ඉන්දියාවේ චෙන්නායි වෙත 48 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වෙත 23 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබේ.

මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 103 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 51 දෙනෙකු සහ මාලදිවයිනේ මාලේ වෙත 35 දෙනෙකු ද වශයෙන් ශ්‍රී ලාංකිකයන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.

 

Related posts

රාජිත ට ඇප

Editor O

කොටස් වෙළඳපාල ගණුදෙනු ඇරඹේ

Mohamed Dilsad

ජනාධිපති කාර්යාලයේ වාහන 22ක් වෙන්දේසි කරයි.

Editor O

Leave a Comment