දේශීය

අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම අද

(UTV | කොළඹ) – 2021 අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම අද (21) පස්වරු 05 ට පැවැත්වීමට නියමිතව ඇත.    

පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2021 අයවැය දෙවන වර කියවීමේ විවාදය සඳහා මෙවර වෙන් කෙරුණේ දින 04 ක් පමණයි.

අයවැය 03 වන වර කියැවීමේ විවාදය ලබන සඳුදා ආරම්භ වන අතර කාරක සභා අවස්ථා විවාදය හෙවත් අවසාන වර කියවීමේ විවාදය පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වනදා පස්වරුවේයි.

මේ අතර මෙවර අයවැය සම්මත කරගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දක්වන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ඉදිරි දින කිහිපයෙදිී අයවැය ලේඛණය සමාලෝචනය කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බව මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

සමගි ජන බලවේගයේ තීරණය අද පෙරවරුවේ ලබාදීමට නියමිත බව ද වාර්තා විය.

 

Related posts

සජිත් යළි එජාප නියෝජ්‍ය නායක ධුරයට පත් කරයි

Mohamed Dilsad

රෝහිණී කවිරත්නගේ ප්‍රකාශයකින් පාර්ලිමේන්තුව රත්වෙයි.

Editor O

මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කරයි

Mohamed Dilsad

Leave a Comment