දේශීය

සජිත් යළි එජාප නියෝජ්‍ය නායක ධුරයට පත් කරයි

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වු සජිත් ප්‍රේමදාස මහතා යළි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පත් කර ඇති බව වාර්තාවේ.

ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ලබන සදුඳා (27) වනවිට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට  සාමාජිකයන් පත් කිරීම අවසන් කිරීමට නියමිතව ඇත.

එසේම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු  සඳහා පත්කිරිම්  සියල්ලක්ද මේ වනවිට අවසන් අදියරේ ඇති ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව පක්ෂ කෘත්‍යාධිකාරී  මණ්ඩල සාමාජිකයන් පත් කිරීම, පක්ෂ නායක රනිල් වික්රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උප නායක රවී කරුණානායක, ජාතික  සංවිධායක නවීන් දිසානායක,  මහලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු උපදේශක මණ්ඩලයේ  අනුමැතිය යටතේ සිදුකර ඇති බවද වාර්තාවේ.

Related posts

තැපැල් ඡන්ද පත්‍රිකා සියල්ල මුද්‍රණය කර අවසන් : බෙදාහැරීම ඇරඹේ

Editor O

නිදහස් දින පෙරහුරුව නිසාවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

මෙරට කොරෝනා මරණ 244 ක් වෙයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment