දේශීය

ඩ්‍රෝන මෙහෙයුම් වලින් 117ක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – ඩ්‍රෝන මෙහෙයුම්වලින් මේ වන විට  පුද්ගලයින් 117ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ හුදකලා කිරීමට අදාළ නිරෝධායන නියෝගය පොලිස් වසම් 24 ක් ආශ්‍රිතව තවදුරටත් ක්‍රියාත්මක බවයි.

මේ අතර ඊයේ (19) දිනයේ දීත් හුදකලා කළ ප්‍රදේශ සම්බන්ධයෙන් විශේෂ බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි.

මේ අතර, ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සියලු දෙනා මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවේය.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 358 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

හත්වෙනි වරටත් ජනාධිපති වූ ඇලෙක්සැන්ඩර්

Editor O

කතානායක ට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක්

Editor O

හෙට සිට රාජ්‍ය ආයතන වලට කැඳවියයුතු ප්‍රමාණය ගැන දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment