Trending Newsඑසැන පුවත්දේශීය

කතානායක ට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක්

පාර්ලිමේන්තුවේ කථානායක වරයා ට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමට කථානායකවරයා විසින් සාධාරණ වේලාවක් ලබා නොදීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා පැවසීය.

මීට පෙර සිටි කිසිදු කතානායකවරයෙක් මේ ආකාරයට විපක්ෂ නායකට හෝ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කතා කිරීම සඳහා බාධා නොකළ බව ඒ මහතා පෙන්වා දෙයි.

විපක්ෂයට සිදුවන මෙම අසාධාරණය සම්බන්ධයෙන් මීට ඉහත අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළද ඊට සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණු නිසා අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට තීරණය කළ බව රහුමාන් මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

Italy heading towards hung Parliament

Mohamed Dilsad

Cabinet approval granted to increase bus fares from midnight today

Mohamed Dilsad

நாட்டை கட்டியெழுப்ப சகல பெண்களுக்கும் ஜனாதிபதி அழைப்பு

Mohamed Dilsad

Leave a Comment