දේශීය

මිලියන 23 ක් වටින PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරයි

(UTV | කොළඹ) – කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සදහා රුපියල් මිලියන 23 ක වටිනාකමකින් යුත් PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද (01) භාරදෙනු ලැබීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම භාරදීම සිදුකරනු ලැබීය.

විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ඉල්ලීම පරිදි අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් මෙම නව උපකරණ ලබාදී තිබේ.

නව PCR පරීක්ෂණ යන්ත්‍ර දෙක පරීක්ෂණ සේවා අවශ්‍යතාවය සැළකිල්ලට ගෙන අදාල රෝහල් වෙත ලබාදිමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර ඇත.

කොරෝනා ආසාදිත රෝගීන් හදුනාගැනීමේ කටයුතු කඩිනම් කිරීම මෙම පරිත්‍යාගයේ අරමුණ බව මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොරෝනා වෛරසයට ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අදිටනින් අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒ්ජන්සිය කළ මෙම පරිත්‍යාගයට සිය ස්තූතිය පුද කරන බවයි.

Related posts

කෙහෙළියට විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

විදෙස් ගත ශ්‍රමිකයින් නිරෝධයනයේදී අයකරන හෝටල් ගාස්තු අඩු කරන්න සුදානම්

Mohamed Dilsad

IMF විශේෂ මාධ්‍ය හමුව

Mohamed Dilsad

Leave a Comment