විදෙස්

මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉහළම රට නම් කරයි

(UTV |නයිජීරියාව) – එක්සත් ජාතින්ගේ සංවිධානය නිවේදනය කර ඇත්තේ ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රට බවට නයිජිරියාව පත්ව ඇති බවයි.

නයිජිරියාවේ ජනගහනයෙන් මිලියන 14ක් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බව එම සංවිධානය අනාවරණය කරයි.

ගෝලීය සංඛ්‍යා ලේඛනවලට අනුව එය මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් එක් රටකින් වාර්තාවන වැඩිම අනුපාතයවන බව එක්සත් ජාතින්ගේ සංවිධානය සඳහන් කර ඇත.

මෙම අනිසි මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් නයිජිරියාවේ ස්ත්‍රී දූෂණ සිදුවීම් ද ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Related posts

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

Mohamed Dilsad

නයිජීරියාවේ පාසල් ළමයින් පැහැර ගැනීමේ සැලසුමක් ව්‍යර්ථ වෙයි

Mohamed Dilsad

ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පස්දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment