දේශීය

දිවයින පුරා අහස වලාකුළුවලින් බරවෙයි – ප්‍රදේශ කීපයකට තද වැසි

(UTV | කොළඹ) –  උතුර, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

දිවයින පුරා අහස වලාකුළුවලින් බරව පවතින අතර එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර ඇතැම් මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80 අතර අගයක් දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි බවද එහි සඳහන්.

 

 

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩ යළි ඇරඹීමට පියවර

Mohamed Dilsad

ඡන්ද පෙට්ටිවල ආරක්ෂාවට දේශපාලන පක්ෂ නියෝජිතයන්

Mohamed Dilsad

ජනාධිපති මන්දිර ඇතුළු රජයේ බංගලා ගැන ආණ්ඩුව තීරණයක් ගනී.

Editor O

Leave a Comment