දේශීය

දිවයින පුරා අහස වලාකුළුවලින් බරවෙයි – ප්‍රදේශ කීපයකට තද වැසි

(UTV | කොළඹ) –  උතුර, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

දිවයින පුරා අහස වලාකුළුවලින් බරව පවතින අතර එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර ඇතැම් මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80 අතර අගයක් දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි බවද එහි සඳහන්.

 

 

Related posts

අද පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වයක්

Editor O

රෑට – රෑට ගිනි ගන්න කොළඹ නගරයේ ගොඩනැගිල්ල

Editor O

Leave a Comment