දේශීය

රන්ජන් රාමනායකගේ නඩුව අද යළි කැඳවයි

(UTV | කොළඹ) – ඇප මත මුදාහැර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නඩුව අද(28) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් රාමනායක මහතාට ඇප හිමිවූයේ රටතුළ ක්‍රියාත්මක ඇඳිරිනීතිය නීත්‍යනුකූල නොවීම නිසා බවට ඇතැම් පාර්ශ්ව යම් ප්‍රකාශ සිදු කර ඇති බවත් එවන් ප්‍රකාශයක් අධිකරණය සිදු නොකළ බව පැවසූ නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නඩුව සැප්තැම්බර් 28 වනදා යළි කැඳවීමට නියෝග කළේය.

ඇඳිරි නීතිය කඩ කිරීම, එය කඩ කිරීම සඳහා ආධාර අනුබලදීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ පසුගිය 13 වනදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

නව නියෝජ්‍ය කතානායක ධූරය අජිත් රාජපක්ෂට

Mohamed Dilsad

පස්සර අනතුර – බස් රථ සහ ටිපර් රථ රියදුරන් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

උසස් පෙළ අවසන් වන තෙක් විදුලිය කප්පාදු නොකිරීමට එකඟතාවයක්

Mohamed Dilsad

Leave a Comment