දේශීය

රන්ජන් රාමනායකගේ නඩුව අද යළි කැඳවයි

(UTV | කොළඹ) – ඇප මත මුදාහැර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නඩුව අද(28) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් රාමනායක මහතාට ඇප හිමිවූයේ රටතුළ ක්‍රියාත්මක ඇඳිරිනීතිය නීත්‍යනුකූල නොවීම නිසා බවට ඇතැම් පාර්ශ්ව යම් ප්‍රකාශ සිදු කර ඇති බවත් එවන් ප්‍රකාශයක් අධිකරණය සිදු නොකළ බව පැවසූ නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නඩුව සැප්තැම්බර් 28 වනදා යළි කැඳවීමට නියෝග කළේය.

ඇඳිරි නීතිය කඩ කිරීම, එය කඩ කිරීම සඳහා ආධාර අනුබලදීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ පසුගිය 13 වනදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

දිස්ත්‍රික් කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

ඉන්ධන මිල වැඩිවන බව රජය කියයි

Mohamed Dilsad

හිරුණිකාට අපහාස නොකරන ලෙස අගමැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment