දේශීය

පාසල් ආරම්භය පිළිබඳ තීරණය දෙන්නේ සෞඛ්‍ය නිර්දේශවලින් පසුවයි

(UTV| කොළඹ) – සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව තෙවන පාසල් වාරය ලබන සඳුදා ආරම්භ කරන්නේ ද යන්න පිළිබඳව තීරණය ගනු ලබන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ පිළිබඳව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පාසල් ආරම්භ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම තත්ත්වය හමුවේ විශේෂයෙන් කුඩා දරුවන් පාසල්වලට ගෙන්වා ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැඩි අවධානයක් යොමුකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේය.

 

Related posts

කොවිඩ් 19 ආසාදිත පිරිස 1749 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

කොළඹ ජාතික රෝහලෙන් රෝගීන්ට ක්ෂණික දුරකථන ඇමැතුම් සේවාවක්

Mohamed Dilsad

මාලිමාවේ තවත් බොරුවක් , සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හෙළිකරයි.

Editor O

Leave a Comment