Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවේ තවත් බොරුවක් , සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හෙළිකරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම තනතුරෙන් ඉවත් කිරීමට රහස් සාකච්ඡා පැවැත්වෙන බවට යන ප්‍රචාරය ආණ්ඩුවේ තවත් බොරුවක් බවත්, ආණ්ඩු පක්ෂයේ දේශපාලන කඩාවැටීම, නොහැකියාව සහ නිර්මාණය වෙමින් පවතින සමාජ විරෝධය වසාගැනීමට ආණ්ඩුව අසාර්ථක ප්‍රයත්නයක යෙදෙන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.

ආණ්ඩුව බොරුව සමාජගත කරමින් බලයට පැමිණියා සේම බලයේ සිටීමටත් බොරුවම පාවිච්චි කරන බවද සඳහන් කළ මන්ත්‍රීවරයා, සජබ තුළ නායකයා වෙනස් කරන සාකච්ඡාවක් කිසිදු ලෙසකින් සිදු නොකෙරුණු බවත් කීය.

ආණ්ඩුවේම පිරිස නිර්මාණය කරන මෙවැනි බොරුවල පදනම ඉතා පැහැදිලි බව සඳහන් කළ හෙතෙම විපක්ෂයේ වෙනත් මන්ත්‍රීවරයකුට නායකත්වය දීමට කිසිදු සූදානමක් නැති අතර පදනමක් නැති බොරු කීමේ කලාවට ජනතාව නැවත හසු නොවන බවද පැවසීය.

සුභද්‍රා දේශප්‍රිය

Related posts

US to end India’s preferential trade treatment

Mohamed Dilsad

Govt. requests JMOs to expedite post-mortems of Easter blasts victims

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාරක අනතුරක්

Mohamed Dilsad

Leave a Comment