පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ පිහිටි සුදු අරලිය හෝටලය කඩා ඉවත් කළ නොහැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව දිස්ත්‍රික් අධ්‍යක්ෂ ක්‍රිෂ්ණරූබන් මහතා පුකාශ කරයි..
මෙම හෝටලය ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට අයත් වේ.
අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැහැදිලි කළේ, අදාළ ඉඩම 1977 වර්ෂයේදී සංචාරක මණ්ඩලයට නීත්‍යානුකූලව වෙන් කරන ලද භූමියක් වන අතර, හෝටලය නීත්‍යානුකූලව ඉදිකර ඇති බවයි.
කෙසේ වෙතත්, හෝටලය මඟින් අමතර ඉඩම් අත්පත් කරගෙන තිබේද යන්න තහවුරු කර ගැනීම සඳහා නැවත මැනීමක් සිදු කිරීමට නියමිත බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
වැව් රක්ෂිත මායිම් අලුතින් සලකුණු කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමත් සමග සුදු අරලිය හෝටලය ඉවත් කිරීමට සිදුවන බවට අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී වාරිමාර්ග අධ්‍යක්ෂවරයා එම අදහස් පළ කළේය.
