දේශීය

නිරෝධායන නීති උල්ලංඝනය කළ 42 දෙනෙකු අත්අඩංගුවට

(UTV |කොළඹ) – ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුඛ ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් එම පුද්ගලයින් අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පසුගිය ඔක්තෝබර් මස 30වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 263 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.

ඔවුන් සියලුදෙනාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අඩුම කොරෝන රෝගීන් ගණන වාර්තාවීම ඊයේ

Mohamed Dilsad

කෞතුකාගාර 11 ක් තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේදී සිදුකල සමස්ත PCR පරීක්ෂණ ලක්ෂ 15 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment