දේශීය

නිරෝධායන නීති උල්ලංඝනය කළ 42 දෙනෙකු අත්අඩංගුවට

(UTV |කොළඹ) – ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුඛ ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් එම පුද්ගලයින් අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පසුගිය ඔක්තෝබර් මස 30වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 263 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.

ඔවුන් සියලුදෙනාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා බාර ගැනීම අද (10) දවල් 12ට අවසන්

Editor O

විදුලි බිල වැඩි වෙනවද? – මෙන්න තීරණය

Mohamed Dilsad

Leave a Comment