ක්‍රීඩා

නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

(UTV |කොළඹ) – යුද හමුදාපති ලූ‍තිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක‍්‍රීඩා තේරීම් කමිටුව විසින් නව ක‍්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීම සදහා සාමාජිකයින් 7 දෙනෙකු නිර්දේශ කර තිබේ.

ඒ යොවුන් කණ්ඩායම් ඇතුළු සියලූ‍ තේරීම් කටයුතු සිදු කිරීම සදහාය.

මෙම තේරීම් කමිටුව විසින් පිරිමි සහ කාන්තා ජාතික කණ්ඩායම් මෙන්ම යොවුන් කණ්ඩායම් තේරීමේ කටයුතු ඇතුළු සියලූ‍ තේරීම් කටයුතුවල වගකීම දරනු ඇත.

ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ අසන්ත ද මෙල් මෙහි සභාපතිවරයා ලෙස පත් කර ඇතැයි සදහන්ය.

සෙසු සාමාජිකයින් වන්නේ චමින්ද මෙන්ඩිස්, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, හේමන්ත දේවප‍්‍රිය, රංජිත් මදුරසිංහ, උවයිස් කර්නයින් සහ නිල්මිනී ගුණරත්නයි.

ජාතික ක‍්‍රීඩා තේරීම් කමිටුව විසින් නිර්දේශ කළ සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් ක‍්‍රිකට් තේරීම් කමිටුව සදහා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් අනුමැතිය ලබා දිය යුතු වේ.

Related posts

ඊයේ පරාජයට හේතු කියන දික්වැල්ල

Mohamed Dilsad

ආසියානු පැරා ක්‍රීඩා තරඟය ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ උණුසුම්ව පිළිගනිති

Mohamed Dilsad

ඔලිම්පික් සදහා ශ්‍රි ලංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන් 9 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment