ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ජය

(උදයම්,සිම්බාබ්වේ)  –  සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු හා එකම ටෙස්ට් කි‍්‍රකට් තරගය කඩුලූ 04කින් ජයගැනීමට ශී‍්‍ර ලංකාව අද සමත්වුණි.

ලකුණු 388 ක ඉලක්කය හඹාගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 391ක් ලබාගනිමින් තරගය ජයගත්තේ කඩුලූ 06ක් බිඳවැටී තිබියදීය.

නොදැවි විශිෂ්ඨ ඉනිමක් කී‍්‍රඩා කළ අසේල ගුණරත්න ලකුණු 80ක් රැස්කළ අතර ඔහු තරගයේ වීරයා සම්මානයද හිමිකරගත්තේය.

මෙම තරගයේ ලකුණු 249කට කඩුලූ 11ක් බිඳහෙලූ රංගන හේරත් ටෙස්ට් තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගැනීමට සමත් වුණි.

මේ අතර ටෙස්ට් තරගාවලියකදි වැඩිම ලකුණු ප‍්‍රමාණයක් හඹාගොස් ජයගත් ලොව කණ්ඩායම් අතර පස්වන ස්ථානය ලබාගනිමින් වාර්තා පොත් අලූත් කිරීමටද ශී‍්‍ර ලංකාව සමත්වීම විශේෂත්වයකි.

Related posts

LPL ක්‍රීඩක වෙන්දේසිය 29 වැනිදා

Mohamed Dilsad

නවසීලන්තයේ ක්‍රීඩා ඉසව් යළි ආරම්භ කිරීමට පියවර

Mohamed Dilsad

අර්ජුනගේ ක්‍රිකට් වාර්තාවක් දශක 2 කට පසු බිඳ වැටේ

Mohamed Dilsad

Leave a Comment